හිතේ දුක නැති කරගන්න පුලුවන් කරම මෙන්න.






හිතේ දුක නැති කරගන්න විදි කීපයක් තියෙනවා

1. එලියට යන්න ටිකක්

2. පොඩි වියායාමයක් කරන්න

3. කාට හරි කතා කරන්න

4. ඔයාගේ හිතේ සිතුවිලි ගැන පොඩ්ඩක් අවදානයෙන් ඉන්න

අසාමනය විදියට හිතේ ඇතිවෙන දුක කනස්සල්ල, බය, එහෙමත් නැත්නම් කම්පනයට අපි ඉන්ගිරිසියෙන් ඇන්සෙයාටි කියලා කියනවා. ඒ විස්තර අපි පහුගිය විඩියො එකේ කතා කරා, ඒක මිස් වෙච්ච අය මෙතන ඔබලා එක බලන්න.

දුක නැති කරගන්න එලියට යන්න

හිතේ දුක කියන්නේ සම්පුර්ණයේන්ම හිත මුල් කරගෙන ඇති වෙන තත්වයක්නේ. ඒක නිසා එක මරදනය කරන්නත් අපි කතා කරන්න ඔනි හිතටම තමා. පලවෙනි එක තමා පොඩ්ඩක් එලියට පහලට යන එක. ගස් කොලන් එක්ක පොඩ්ඩක් ගැවෙසෙන්න ගත්ත හැටියෙම ඔයාගේ හිත ටිකක් රිලැක්ස් වෙලා ඔයාගේ දුක පොඩ්ඩක් අඩු වෙනවා. දැන් කාලේ අපි ජීවත් වෙන්නේ බිල්ඩින් වලින් වට වෙච්ච කාර් බාර් වලින් පිරුනු නගර වල හිර වෙලා. ඉතින් මේ වයින් පොඩ්ඩක් අයින් වෙච්ච හැටියේ අපිව නිකන්ම සනීප වෙනවා.

දුක නැති කරගන්න වියයාම කරන්න

දෙවැනි කාරණේ තමයි සතිපතා වියායම කරන එක. දැන් ඉතින් ඔකට ජිම් එකට ගිහින යකඩ ගුලි උස්සන්න ඔනේ නැ. පොඩ්ඩක් ඇවිදින්න යන එක, බයිසිකලේ පදින එක, පොඩි රන් එකකට යන එක හොදටම පරමාණවත්. වැදගත්ම දේ තමයි, ඔයා මොකක් හරි කලසට එකක් තියාගෙන ඉන්න ඔන සතියට දවස් දෙක තුනක් මොකක් වියායමයක් එකක් කරන. දැන් ඉතින් මේකට හයි පයි එක්සර්සයිස් ඇදුම් ගන්න ඔනේත් නැ. දුවපු දුරවල් ෆෙස් බුක් එකේ දාන්න ඔනේත් නැ.

දුක - මර්දනය කරන්න ඔනේ යතුර තියෙන්නේ හිතේ - ගප්පියා තින්කින්

දුක නැති කරගන්න කතා කරන්න

තුන්වෙනියට කවුරු හරි එක්ක තමන්ගේ anxiety එක කතා කරන එක. තමන්ගේ හොදම යාලුවා, බොයිෆරෙන්ඩ්, ගර්ල්ෆරෙන්ඩ් අම්මා හො තාත්තා ට ටිකක් තමන්ගේ තත්වය ගැන කතා කල හැටියේ ඔයාගේ දුක ටිකක් අඩු වෙනවා කියලා ඔයාට තෙරෙයි. ඔයාගේ තියෙන දුකට, කනස්සල්ලට විසදුමක් එයාලට රුජුවම දෙන්න බැරි වුනත් ඔයාගේ හිතට යම් කිසි සහනයක් එකෙන් ලැබෙනවා.


දුක නැති කරගන්න භාවනා කරන්න

දැන් භාවනා කරන්න ඔයා බුද්ධාගමේ වෙන්න ඔන නැ. භාවනාව බුද්දාගමට විතරක් අයිති දෙයක්වත්, බුදු හාමුදුරුවො අමුතුවේන් හොයා ගත්තා දෙයකුත් නෙමෙයි. ඒ එක්කම භාවනා කරනවා කියලා එරමෙණියා ගොතාගේන බුදු මැදුරක භාවනා කරන්න ඔනේත් නැ. ඔයාට ඔන තැනක ඔන විදියකට භාවනා කරන්න පුලුවන්. සරලවම හොද හුස්මක් අරගෙන ඔයාගේ තොවිල් හිතේ බෙර සද්දේට නටන්නේ නැතුව කරන සේල්ලම ටිකක් අවධානයෙන් බලන් ඉන්න පුලුවන්නම්, එතිනින් එහාට මහා භාවනාවක් නැ.

ඔයා මේ වගේ විඩියො බලන්න තවත් කැමතිනම් ගප්පියා තින්නින් යු-ටියුබ් චැනල් එකට සෙට් වෙන්න. ඒ එක්කම ගප්පියා තින්කින් ෆෙස්බුක් පේජ් එකත් ෆොලො කරන්න.

Skip to toolbar